දැනට කොරියාව තුල එහි සිටින ලාංකික ශ්‍රමිකයන් වෙත මහගු සේවයක් සලසන puspha preamalal මහතා විසින් කොරියාවට පැමිණීමට බලාපොරොත්තු වන ශ්‍රමිකයන් සදහා තම ෆේස්බුක් ගිණමෙහි තැබූ සටහන
මෙතන සිට උපුටා ගැනීම
කොරියාවට ඒන්න බලාපොරොත්තුවෙන් සිටින අය ගංජා මිශ්‍ර සිංහල බෙහෙත් භාවිතා කිරිමෙන් වලකින්න.
අගෝස්තු මස වන විට ශ්‍රිලාංකිකයන් ඒක් අයකු පිටමං කර ඇති අතර තවත් අයකු පිටමංකිරිම සදහා රැදවුම් කදවුරේ සිටි. කොරියාවට පැමිනෙන දින ප්‍රහුනු පාසලේදි කරන වෛද්‍ය පරික්ෂනයෙන්(마약 검사) අසමත් වුවහොත් ඔවුන්ට නැවත මව්රට බලා යාමට සිදුවේ.මේ සම්බන්ධව මගේ මුහුනපොත හරහා 2016 වර්ෂයේ සිට දැනුවත් කලත් කොරියන් සිහිනය බොදවි මව්රටට ගොස් ඇති ප්‍රමානය අතිවිශාලයි. ඉතින් ඉදිරියටවත් මෙවන් දේවල් සිදුවිම වලක්වාලිම සදහා නැවත වාරයක් මෙසේ ලියාතබමි. මුදල් ලක්ෂ ගානක් වියදම් කර ඒකම වැටුපක්වත් නොලබා මව්රටට යන්න සිදුවන නිසා නැවත දැනුම්දීමක් කරන්නෙමු.
තවද නිවාඩු ගොස් සිටින විට හෝ වේවා ඒකම කර්මාන්තශාලාවේ සේවය කර මව්රටට ගොස්සිටින විටදි ගංජා පාවිච්චියෙන් වලකින්න. වසර දෙකකට වරක් කර්මාන්තශාලාව විසින් පවත්වන වෛද්‍යපරික්ෂනයෙන්ද අසුවිමට හැක.
මුත්‍රා සාම්පලයෙන් සති දෙකක්තුල ගංජා පාවිච්චි කලබවට පරික්ෂාකරගත හැකිය. තවද කෙස් ගස්වලින් වසර ඒකහමාරක් වෙනකල් පරික්ෂාකරගතහැකිය. අවධානය ඔබසතුයි.
No comments:
Post a Comment