සියදෝරිස් මාමා කොහොමද ජිවිතේ?
සියදෝරිස්- :ඉන්නව මහත්තයෝ මැරෙන්න බැරි නිසා..
ඇයි මාමෙ එහෙම කියන්නෙ?
සියදෝරිස්-: අදට ඒ මිනිය එම්බාම් කරල අවුරුදු 25 යි මහත්තයෝ මගෙ හිතට වා වන්නෙ නෑ
සියදෝරිස් මාමා කියන්නෙ අවුරුදු ගානක් මිනී එම්බාම් කරපු කෙනෙක් ඒත් දැන් ඉන්නෙ පුංචි පැල්පතක තනියම..අපි ඇහුව සියදෝරිස් මාමාගෙ කථාව..
මාමේ මාමගෙ කථාව කියන්නකො අපිත් එක්ක
ඒක හරි අවාසනාවන්ත දවසක් මහත්තයෝ 1993 තමයි මේ සිද්දිය උනේ
මම අවුරුදු 30 මිනී එම්බාම් කරා මහත්තයෝ ..කිසිම දවසක මට බයක් වත් දුකක් වත් හිතිල නෑ.
අපි ඒ කාලෙ හිටපු පලාතට තිබුනෙ මම වැඩ කරපු මල් ශාලාව විතරයි..
ඇන්ටන් මලයයි මමයි තමයි එම්බාම් වැඩ කරේ..
ඇන්ටන් මලයා මන්නාරමේ පදිංචි හාදයෙක් ..මගෙ කරුමෙට එදාම ඇන්ටන් මලයා ගමේ ගිහින්..
අපි ඒ කාලෙ හිටපු පලාතට තිබුනෙ මම වැඩ කරපු මල් ශාලාව විතරයි..
ඇන්ටන් මලයයි මමයි තමයි එම්බාම් වැඩ කරේ..
ඇන්ටන් මලයා මන්නාරමේ පදිංචි හාදයෙක් ..මගෙ කරුමෙට එදාම ඇන්ටන් මලයා ගමේ ගිහින්..
උදේ 11 මිනිය ගේද්දි මල්ශාලාවට අනෝරා වැස්සක් හෙනගෙඩි පුපුරණව හතර වටේම.
පුලුවන් හයිය හිතට අරන් මිනිය එම්බාම් වැඩ පටන් ගත්ත ..බඩ උඩියන් පිහිය තියාගන්න බැරි උනා මහත්තයෝ
මගෙ මුලු ඇගම වෙව්ලනව..
ඇස්දෙක පියාගෙන එම්බාම් එක කරා මහත්තයෝ ..
කොල්ලගෙ ඔළුව පීරද්දි පොඩි සන්දියේ වැටිල තුවාල වෙච්ච කැලල තාම එහෙම්මමයි..කොල්ලට අවුරුදු 7 යි ..
මිනියෙ වැඩ ඉවර වෙද්දි මගෙ මුලු ඇගම වේලිලා ...
විනඩි දෙකක් ඉන්න ඇති මිනිය දිහා බලාගෙන..
සිහි මුර්ජා වෙලා නැගිටිද්දි මුදලාලි මහත්තය වතුර ගහනව ..

ඒ මගෙ එකම කොල්ල මහත්තයෝ එදායින්පස්සෙ නැවැත්තුව මගෙ රස්සාව..
සියදෝරිස් මාමගෙ බිරිදට මොකද උනේ?
සියදෝරිස්-: සිහි ව්කල් වෙලා අවුරුදු 8 ඉදල මැරිල ගියා එදා ඉදන් මං මේ පැලේ තනියම..
ජීවිතේ කියන්නේ අරුම පුදුම හැල හැප්පීමක් ,සියදෝරිස් මාම වගේ තව කී දෙනෙක් මේ ලෝකේ ඇද්ද?
සමුගමි අදට..
සමුගමි අදට..
No comments:
Post a Comment