කාරුණික නිවේදනයයි. - LAK TV

news magazine

Breaking

Thursday, August 9, 2018

කාරුණික නිවේදනයයි.



2018.08.04
කාරුණික නිවේදනයයි.
ශ්‍රී ලංකාව තුළ, සමාජ ජාල තහනම් වෙමින් දැඩි දෝෂදර්ශනයට ලක්වන පසුබිමක, සමාජ ජාල හෙවත් සයිබර් අවකාශය භාවිත කරමින් කෙතරම් යහපත් දේ සිදුකල හැකිද යන්න ලොවට කියා පෑ අප #SoulMate කණ්ඩායම එළඹෙන සැප්තැම්බර් මස 16 වන දින මහරගම අපේක්ෂා රොහලේදී අපගේ පළමු උපන්දින සැමරුම අභිමානවත් ලෙස සැමරීම සඳහා කටයුතු සූදානම් කරමින් පවතී.
" ප්‍රාණයක් වෙනුවෙන් අපේ සැමරුම් වෙනස් කරමු" යන තේමා පාඨය පෙර දැරිව උපන්දින , විවාහ සංවත්සර සහ අනිකුත් සැමරුම් වෙනුවෙන් වසරකට නිකරුණේ වියදම් කරන කෝටි සංඛ්‍යාත මුදල් තවත් එක් අහිංසක, අසරණ, දුගී, රෝගී අපගේම සහෝදර සහෝදරියන්ගේ ජිවිත සඳහා පිළිසරණක් වන පිණිස යෙදවීමට හා සමාජය තුළ ආකල්පමය වෙනසක් ඇතිකිරීමට අපි මෙයින් උත්සාහ දරමු. තවද නූතන රැල්ලට හසුවී තිබෙන තාරුණ්‍යයට අභියෝගයක් කරමින් ලෝකයේ ලොකුම උපන්දින සැමරුම ලෙස අර්ථාන්විතව මෙම වැඩසටහන සිදුකිරීම අපගේ අපේක්ෂාවයි.
සමාජ ජාල ක්‍රියාකාරීන් ලෙස නූතන සැමරුම් සංස්කෘතිය වෙනස් කරමින් එකඳු ජිවිතයක් හෝ බේරා ගැනීම උදෙසා මෙම වැඩසටහන හා අත්වැල් බැඳගන්නා ලෙසත්, මෙම පණිවිඩය හැකිතාක් අන්අය අතර බෙදා හරිනා ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.
ස්තුතියි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages